සිරදඬුවම් කාලය අඩුකර ගැනීමට අලුත් ක්‍රමවේදයක්..

By krishani May 08, 2022 07:43 AM GMT
krishani

krishani

Report

පොත් කියවන බන්ධනාගාර රැඳවියන්ගේ දඬුවම් කාලය දින හෝ සති කිහිපයකින් අඩු කිරීමට බොලිවියාව තීරණය කර තිබේ.

එරට බන්ධනාගාර 47ක් ආශ්‍රිතව මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

බොලිවියාවේ අධිකරණ ක්‍රියාමාර්ග මන්දගාමී බව විදෙස් වාර්තාවල සඳහන් කරන අතර එම වැඩසටහන නම් කර තිබෙන්නේ " බුක්ස් බිහයින්ඩ් බාර්" යනුවෙනි.

එම වැඩසටහන යටතේ රැඳවියන්ගේ සාක්ෂරතාව ඉහළ දැමීමට අපේක්ෂා කරන බව සඳහන් වේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join