ජලය විස වීමක් - ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්..
Sri Lanka
By krishani
ඊයේ (16) දින, අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ වෙසෙන මසුන් හදිසියේ මියයන බව වාර්තා වේ.
එලෙස මිය ගොස් ඇති මත්ස්‍යයින් ආහාර සදහා නොගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඔය දෙපස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
ජලාශයේ අඹේවෙල සිට මෙරායා , ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12 ක් පමණ දුරට මසුන් එලෙස මියගොස් ගොස් ඇත්තේ.
තවද කොත්මලේ ඔයේ මසුන් හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙසට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් එම ප්‍රදේශයට යවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |