ජනතාවට අනතුරු ඇඟවීමක්. - සමාජ මාධ්‍ය යෙදවුම් හරහා එන පණිවිඩ ගැන අවදානයෙන්!.

Sri Lanka Police
By Wayomi Mar 28, 2024 05:00 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

ඒ, උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බවටයි.

එලෙස නොමිලේ ත්‍යාග හිමිවන බවට පවසමින් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යොමුකරමින් අදාළ දත්ත ලබාගැනීම සිදුවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක ධම්මපොල මහතා පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පමණක් ඒ සම්බන්ධ පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.