කොරෝනා -2 වසංගතය ගැන ලොවටම අනතුරු ඇඟවීමක්.

COVID-19 COVID-19 Vaccine London
By Wayomi Jun 17, 2023 05:15 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරියේදී කොරෝනා -2 වසංගතයද ඇති වන බවට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලෙක්සැන්ඩර් මුළු ලොවටම අනතුරු අඟවා තිබෙනවා.

ඒ, කොරෝනා වසංගතය පිළිබඳව ලන්ඩන් නුවර පැවැති පරීක්‍ෂණයේදීයි.

කොරෝනා -2 වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරාගැනීමට නොහැකි බවයි ඔහු එහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ.

මේ පරීක්‍ෂණයට සාක්‍ෂි දීම සඳහා හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද කැඳවා තිබූ බව සඳහන්.

එමෙන්ම කොරෝනා – 2 වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වන බව මෙතෙක් හෙළිවී නැති බවත් මහාචාර්ය ඇලෙක්සැන්ඩර් වැඩිදුරටත් පවසනවා.