ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටකින් දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.
ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇඟවීම මත පදනම්ව බ්‍රිතාන්‍ය රජය විසින් ද ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් කිසියම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය මෙරට රැඳී සිටින අමෙරිකානු ජාතිකයින්ට දැනුම් දීමක් සිදුකරනු ලැබීය.