නව XBB.1.5 කොවිඩ් ප්‍රභේදයෙන් ප්‍රවේශම් වන්න. මෙරට සීඝ්‍රයෙන් පැතිර යන තවත් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්.

COVID-19 Ministry of Health Sri Lanka Virus
By Wayomi Jan 07, 2023 05:13 AM GMT
Wayomi

Wayomi

Report

නව XBB.1.5 කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණ හා අණුක ජීව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවනවා.

ඇය පවසන්නේ අමෙරිකාවේ මතුව ඇති නව ප්‍රභේද මේ වනවිට සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

XBB.1.5 ප්‍රභේදය XBB ශ්‍රේණියේ වන අතර එය ප්‍රථමයෙන් වාර්තා වූයේ 2022 නොවැම්බර් මාසයේයි.

ශ්‍රී ලංකාවේ XBB ප්‍රභේද මාලාවක් තිබුණද, XBB.1.5 ප්‍රභේදය තවමත් අනාවරණය කර ගෙන නැහැ.

කෙසේ වෙතත් එක්සත් ජනපදයේ XBB.1.5 ප්‍රභේදය ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ඇතුළු වනු ඇති බවත්, කොවිඩ්-19 සඳහා අනුපිළිවෙල නිරීක්ෂණය කිරීම සෑම මසකම අඛණ්ඩව සිදුවන බවත් මහාචාර්යවරිය වැඩිදුරටත් කියා සිටියා.

නව XBB.1.5 ප්‍රභේදයේ රෝග ලක්ෂණ

උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇඟපත වේදනාව සහ හිසරදය වැනි අනෙකුත් ප්‍රභේදවලට සමාන වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් දෙන්නේ, තව දුරටත් මුහුණු ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය පූර්වාරක්ෂාවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙසයි.

මේ වන විට සිදු කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ, කොවිඩ් නොව ඉන්ෆ්ලුවෙන්සා ආසාදනය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW