ශීඝ්‍රයෙන් පැතිර යන භයානක වෛරසයක්..මරණ සංඛ්‍යාව 36 දක්වා ඉහලට..
ඉන්දියාවේ, ගුජරාට් හී පැතිර යන චන්දිපුර වෛරසය නම් වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මියගිය පිරිස අතර දරුවන් 15දෙනෙකු සිටින බවයි එරට මාධ්‍ය වාර්තාකර සිටියේ.
ගුජරාටයේ දිස්ත්‍රික්ක 60න් මේවන විට දිස්ත්‍රික්ක 33ක රෝගය පැතිර පවතින බවද පැවසේ.
මෙම වෛරසය වැලිමැස්සන් සහ කිනිතුල්ලන්ගෙන් පැතිර යන බවටයි වාර්තා වනුයේ.