කොටියා බේර ගැනීමට ගිය වෑන් රථයට සිදු වූ දේ. - (PHOTOS)

Sri Lanka Police Accident
By Wayomi Mar 13, 2024 11:05 AM GMT
Wayomi

Wayomi

Report

මාර්ගය හරහා දිවගිය කඳුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කළ වෑන් රථයක් අනතුරට පත් විමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

ගිනිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රි පාද මාර්ගයේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය පනත ප්‍රදේශයේදී අද(13) දින අලුයම 3.45 ට පමණ මෙම අනතුර සිදු ඇති බවයි නෝටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කළේ.

වැල්ලවාය ප්‍රදේශයේ සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි පිරිසක් ශ්‍රි පාද වන්දනාවෙන් පසු ආපසු වැල්ලවාය දක්වා වැන් රථය ධාවනය කරන අවස්තාවේ නෝටන්බ්‍රිජ් කිරිවන්එළිය ප්‍රදේශයේදි මාර්ගය හරහා දිව ගිය කඳුකර කොටියෙකු බේරා ගැනිමට උත්සහ කළ අවස්ථාවේ වෑන් රථය රියදුරු පාලනයෙන් මිදි මාර්ගය අසල පිහිටි කන්දක ගැටී තිබෙනවා.

අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදු ව ඇති අතර වෑන් රථය අනතුරට පත් වන අයුරු අසල පිහිටි වෙලදසැලක ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වී ඇත.   


GalleryGallery
ReeCha