පවුල් ලක්ෂ 21 ක අස්වැසුම කපන්න යන්නේ..නිකන් බලු වැඩ කරන්න එපා වැඩි හරියක් ඡන්දේ දුන්නේ තමුන්නාන්සේලට ඩෙගා නටන රෝහිත
අද දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් සමෘද්ධි ප්‍රතිලාභය ලබපු දැන් අස්වැසුම ලබන රටේ අහිංසක ජනතාව නඟා සිටුවීමට කටයුතු කරන මෙන් යෝජනාවක් සිදු කර තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
" අපේ ආණ්ඩුවලත් හිටියා එහෙම නරක ග්‍රහයෝ ලබපු මැති ඇමතිවරු. ඊයේ ආර්ථික නියෝජ්‍ය ඇමතිතුමා කියනවා මුදල් අච්චු ගැහුවේ මාලිමාව ආණ්ඩුව නෙවෙයි මහ බැංකුව කියලා. එතකොට මහ බැංකුව අයිති වෙන්නේ සියඹලාණ්ඩුවට ද? තව නියෝජ්‍ය ඇමති කෙනෙක් කියනවා මුදල් අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නැල්ලු, මරු ගහගෙන ගහගෙන යන් මැෂිම විතරයි ඕනේ එහෙනම් මුදල් ටික ගහගෙන ගහගෙන යමු එහෙනම්. එතකොට පුළුවන් මිනිස්සුන්ට සල්ලි දෙන්න අස්වැසුම දෙන්න. මම සමෘද්ධිය පිළිබඳ ඇමතිතුමා ඉන්න නිසා අවධානය යොමු කරනවා මේ සමෘද්ධි ව්‍යාපාරයේ 1994 ,1995 බඳව ගත්තුවා 25000ක් විතර ඉන්නවා. තව අවුරුදු දෙක තුනකින් ගොඩක් අය විශ්‍රාම යන්න ඉන්නේ.
බඳව ගත්තු අයගෙන් වැඩිපිරිසක් ඡන්දෙ දුන්නේ තමුන්නාන්සේලට. හැබැයි මේ සමෘද්ධි ව්‍යාපාරය ඉදිරියට ගෙනි යන්න නම් නව බඳවා ගැනීම් කරන්න වෙනවා. ඒවගේම ආරංචි වෙනවා එක ග්‍රාම සේවා වසමකින් 50 දෙනෙක් සවිබල ගන්නනවා කියලා. ක්‍රමේ මොකක්ද? එක ගමකින් 50ක් අයින් කළොත් ගම් 14000යි. ඔක්කොම 50 ගාණේ ලක්ෂ 7ක් අයින් කරලා දානවා. සද්භාවෙන් නම් හොඳයි මේක. හැබැයි IMF එක කියනවා නම් අස්වැසුම කපන්න ඕනේ සමෘද්ධිය කපන්න ඕනේ කියලා යම් ඉඟියක් දීලා ඒක නම් ක්‍රියාත්මක වෙන්නේ, යම් සොච්චමක් අතට දීලා රු. තුන්දාහ පන්දාහ නැති කරලා දානවා කියලා කියන්නේ ලක්ෂ 21 පවුල් අස්වැසුම නැතුව ජීවත් වෙන්න වෙයි. ඒ නිසා තමයි ආර්ථික යුද්ධෙ අපි ජය ගන්න ඕනේ. ඒ නිසා තියෙන මොන ක්‍රමේටත් අපි අත උස්සනවා. බඩට ගැහුවොත් අත්පුඩි ගහන අයම තමයි අනිත් පැත්තට එළවන්නේ." යනුවෙන්.