ඉම්රාන් ඛාන්ව මරන්න එන්නතක් ?

By Madheeha_Naz May 12, 2023 12:04 PM GMT
Report

තමන් අත්අඩංගුවේ පසුවූ අවස්ථාවේදී පොලිසිය විසින් තමාව මරා දැමීමේ අරමුණින් එන්නතක් ලබාදුන් බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබෙනවා.

වර්තමාන අග්‍රාමාත්‍ය ශේබාස් ෂරීෆ් තමාව සිර ගෙදරදීම ඝාතනය කිරීමට උත්සාහ දරන බවට ද ඔහු චෝදනා කර තිබෙනවා.

එසේම ඔහු පැවසුවේ තමා අත්අඩංගුවට ගත් පසුව වැසිකිළි පහසුකම් නොමැතිව පැය 24ක් රඳවාගෙන සිටි බවයි.

ඊයේ පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අනතුරුව භිටපු අගමැති ඉම්රාන් ව නිදහස් කෙරුණු අතර, ඔහු අද නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW