ජනපති අසුනට ගිය අනුරගේ අසුනේ පුරප්පාඩුව ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් ..

Election Commission of Sri Lanka Anura Kumara Dissanayaka Sri Lanka
By Piyumika Sep 23, 2024 07:31 AM GMT
Piyumika

Piyumika

Report

ගරු අනුර කුමාර දිසානායක මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

පික් පොකට් ගසා තිබු අරගලයේ ජයග්‍රහණය විදින ජනතාව..(PHOTOS)

පික් පොකට් ගසා තිබු අරගලයේ ජයග්‍රහණය විදින ජනතාව..(PHOTOS)

කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස එම ධුරය 2024 සැප්තැම්බර් මස 23 වැනි දින සිට භාර ගන්නා ලද හෙයින්, තමා වෙත එවන ලද ලිපියක් මගින් එදින සිට බලපැවැත්වෙන පරිදි තම පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වී ඇති නිසාවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා තිබේ.

නව ජනපති ගැන මහ ජනතාව අදහස ..

නව ජනපති ගැන මහ ජනතාව අදහස ..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 (ඇ) ව්‍යවස්ථාව සහ 1988 අංක 35 දරන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පණතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බවද මහ ලේකම්තුමිය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර සිටී. 

පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවනු ඇති බවය.  

ජනපති අසුනට ගිය අනුරගේ අසුනේ පුරප්පාඩුව ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් .. | A Vacancy In An Mp Post

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%