ජොන්ස්ටන් අල්ලන්න මහා මෙහෙයුමක්.. අද අධිකරණය ඉදිරිපිට සිද්ධ වුනු අමුතුම සිදුවීම..

Report

නීති විරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් භාවිත කරන ලදැයි කියන සිද්ධියේ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් රැසක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට හා ඒ අවට අද (21 වැනිදා) රැකවල්ලා ගෙන සිටියහ.

ඔයත් මෙන්න මේ කියන ප්‍රදේශ වලද බලන්න.. ජල සැපයුම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

ඔයත් මෙන්න මේ කියන ප්‍රදේශ වලද බලන්න.. ජල සැපයුම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාරවීමට සූදානමක් පවතින බවට ලද තොරතුරක් මත, එලෙස රැකවල් යොදා තිබෙන අයුරු දක්නට ලැබිණි.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පිවිසීමට තිබෙන සියලුම පිවිසුම් මාර්ග ආවරණය පරිදි පොලිසිය එලෙස රැකවල් යොදා තිබුණි.

ඒ පාර හිරුණිකාට මොකක්ද මේ ලැබුණු නියෝගය..

ඒ පාර හිරුණිකාට මොකක්ද මේ ලැබුණු නියෝගය..

මේ වන විට විදෙස් ගමන් තහනම් කර තිබෙන සැකකාර හිටපු ඇමැති ජොන්ස්ටන් සේවියර් ප්‍රනාන්දු නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කුරුණෑගල පොලිසිය මගින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (06) යටතේ දැනුවත් කර තිබුණ ද, එය මගහරිමින් සැකකරු කටයුතු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

කයිය විතරයි කියන්නේ මෙන්න මේකට.. වැඩේ වරදිනවා කියල දැනගත්තම නිවසිනුත් පළා ගිහින් ..

කයිය විතරයි කියන්නේ මෙන්න මේකට.. වැඩේ වරදිනවා කියල දැනගත්තම නිවසිනුත් පළා ගිහින් ..

අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණ විමර්ශනයට අදාළ සහාය ලබා දීමක් සිදු නොකරන බවද නිරීක්ෂණය වී ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහෙස්ත්‍රාත්වරිය වෙත දැනුම්දී තිබේ.

ඒ අනුව අදාළ සැකකරු වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර තිබේ.