දුම්රිය ප්රමාදයක් ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇතිවිය හැකි බවයි.
ඒ රාගම සහ ජා ඇල අතර දී භාණ්ඩ ප්රවාහන දුම්රියක එන්ජිමක් පීලි පැනීම හේතුවෙන් ය.
මේ අතර, රථ වාහන ආලෝක සංඥා ඇතුළු මාර්ග සංඥා නොතකා රිය ධාවනය ගැන ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වන දත්ත අනුව නීතිමය ක්රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර සිටිනවා.
ඒ අනුව, ලබන සඳුදා (22) සිට මෙම ක්රියාමාර්ගය අනුගමනය කරන බවයි වාර්තා වන්නේ.
එහිදී රථවාහන වැරදිකරුවන් සොයා බලා දඩ පත්රිකා වාහනයේ ලියාපදිංචි හිමිකරුගේ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත යැවීමට ද නියමිත බවයි පැවසෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රතිව්යූහගත කිරීම සඳහා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමි වූ බව ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළේ.
Sponsored By Sarrita Jewellery