A සාමාර්ථ 09ක් ගත් සිසුවෙකුට සිදු වූ ඛේදවාචකයක් මෙන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Prisons in Sri Lanka Education
By Aruna Jun 05, 2024 08:09 AM GMT
Aruna

Aruna

Report

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබෙනවා.

යළි ඩොලරය ඉහළ නගී..අද සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.

යළි ඩොලරය ඉහළ නගී..අද සිදු වූ දේ ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්.


පොලීසිය පැවසුවේ, මහනුවර තැන්නේ කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මලිත් නිසංසල සංජීව නමැති මෙම සැකකරු 2022 වසරේ නොවැම්බර් මස 26 වැනි දින දී පාසල් සිසුවෙකුට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවයි.

එම අවධියේදී මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රවෘත්තියක් වූ එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුට එරෙහිව පීඩාකාරී පනත යටතේ චෝදනා රැසක් ගොනුකොට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබුණා.

මෙරට සුප්‍රසිද්ධ රියැලිටි ගායකයෙක් ජේතවනාරාමයේ කරන්න ගිය වැඩක් මාට්ටුවෙයි..

මෙරට සුප්‍රසිද්ධ රියැලිටි ගායකයෙක් ජේතවනාරාමයේ කරන්න ගිය වැඩක් මාට්ටුවෙයි..


මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හැදෑරූ එම සිසුවා එවකට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමර්ථ 09 ක් ලබමින් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටියදී එම ඛේදවාචකයට මුහුණ දී තිබූ බවයි වාර්තා වන්නේ.

සැකකරු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා සියලු පොලිසිය ඒකාබද්ධව මෙහෙයුම් ආරම්භ කොට තිබෙන බවයි පැවසෙන්නේ.

ReeCha