ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වහාම තීරණයක්..? ජනාධිපති මන්දිරය අසල උණුසුම් වෙයි.. (VIDEO)

Report

ජනාධිපතිවරයාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයින් ඊයේ(13) ජනාධිපති මන්දිරය වෙත ලිපියක් භාරදීමට පැමිණි අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන්ගේ මඟ අවහිර කිරීමත් සමඟින් වන අතර අනතුරුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා පැමිණ වෘත්තීය සමිතිවල අදාළ ලිපිය භාරගනු ලැබිණී.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයින් පසුව පොලිස් මුලස්ථානය වෙත පැමිණියේ පසුගියදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීම සඳහායි.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join