ගුරුවරියකගේ දෑත් දෙපා ගැට ගසා භාණ්ඩ කොල්ල කාලා.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 26, 2023 04:36 PM GMT
krishani

krishani

Report

ගල්මුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු නිවාසයේ සිටි ගුරුවරියකගේ දෑත් දෙපා බැඳ පිරිසක් විසින් භාණ්ඩ කොල්ල කෑ පුවතක් වාර්තා වෙනවා.

එහිදී අදාළ ගුරැවරිය සතුව තිබූ රුපියල් ලක්ෂ දහසයකට අධික වටිනා රන් භාණ්ඩ, රුපියල් තිස් දහසකට අධික මුදලක්, රුපියල් පනස් දහසක් වටිනා ජංගම දුරකථනයක් කොල්ල කා තිබෙනවා.

ඒ අතර ඇයගේ යතුරු පැදිය ද එම කොල්ලකරුවන් විසින් පැහැරගෙන පලාගොස් ඇත.

කෙසේ වෙතත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බකමූණ පොලීසිය සඳහන් කළේ ය.

ReeCha