හදිසියේම බදු පනතක් අත්හිටුවයි.

Sri Lanka Cabinet Government Of Sri Lanka Value Added Tax​ (VAT)
By Wayomi Mar 26, 2024 05:56 AM GMT
Wayomi

Wayomi

Report

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මීට පෙර භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වන විට එම බද්ධ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති විවිධ ගැටලු හේතුවෙන් බදු පනත අත්හිටුවීමේ අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බවයි රජය පවසන්නේ.

ඒ, අනුව අදාල පනත බද්ධ අත්හිටුවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකසන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.  

ReeCha