ප්‍රබල භූ කම්පනයක් - 300කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට.. (VIDEO)
By krishani
ඊයේ (08) රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
එමෙන්ම පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
මේ අතර චිලී රාජ්‍යයට රිච්ටර් මාපකයේ 6.4 ක භූමිකම්පාවක් පසුගිය 6 වෙනිදා ඇති විය.
CSN වාර්තාවට අනුව එම භූමිකම්පාව කිලෝමීටර් 46 ක් එනම් සැතපුම් 28.58 ක් ගැඹුරේ ඇති වී ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම භූ කම්පන තත්ත්වය හේතුවෙන් කිසිදු ආපදාවක් වාර්තා වී නොමැත.
