අමාත්‍යාංශ 10ක් සම්බන්ධයෙන් රජයෙන් තීරණයක්.
වැඩිම මුදලක් වැය කෙරෙන අමාත්‍යාංශ 10හි වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (08) පැවති “ජාතික ඇගයීම් ප්‍රතිපත්ති රාමුව” එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ය.
එම විශ්ලේෂණ වාර්තා භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත්, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ප්‍රතිපත්ති යාන්ත්‍රණය මත පදනම්ව බලය බෙදාහැරීමට ඉඩ දිය හැකි බවයි.