ඉරට ගිය ආදිත්‍යා සෙල්ෆියකුත් අරන් - සමාජ මාධ්‍යත් කැළඹී යයි.. (PHOTO)

Government Of India India Aditya-L1
By krishani Sep 08, 2023 05:19 PM GMT
krishani

krishani

Report

පසුගියදා ඉන්දියාව විසින් සූර්යයා අධ්‍යයනය කිරීමට යවනු ලැබූ ආදිත්‍යා - L1 අභ්‍යවකාශ යානය අධිතාක්ෂණ කැමරාවෙන් ගනු ලැබූ සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍යජාලා අතර වැඩි කතාබහට ලක් වී තිබෙනවා.

එම ඡායාරූපය සෙල්ෆි ඡායාරූපයක් ආකාරයෙන් ගැනීම විශේෂත්වයක් වන අතර පෘථිවියේ සහ සඳෙහි රූප පෙන්නුම් වන පරිදි ගෙන ඇත.

ආදිත්‍යා අභ්‍යවකාශ යානයෙන් ගනු ලැබූ සෙල්ෆි ඡායාරූප ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට යැවීමෙන් පසු එම ඡායාරූප ලොවට මුදා හැර ඇති බව වාර්තා වේ.

මෙය ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මඟින් සූර්යයා අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරන පළමු අවස්ථාවයි.

එමෙන්ම මේ දැවැන්ත මෙහෙයුම අභ්‍යවකාශ කාලගුණය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ අරමුණින් සිදු වන්නක් වන අතර පෘථීවියේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන 1.5ක දුරින් පිහිටා ඇති සූර්ය- පෘථිවි පද්ධතිය වන ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය වටා ආලෝක කක්ෂයක ස්ථානගත කර ඇත.

එමඟින් සූර්යයාගේ හැසිරීම පිළිබඳ පෙර නොවූ විරූ ආකාරයේ අවබෝධයක් පෘථිවි ජනතාවට ලබාදීම ‘ආදිත්‍යා L1’ මඟින් සිදු කෙරෙන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සඳහන් කළේ ය.

Gallery
ReeCha