ප්‍රභල භූ කම්පනයක්..සුනාමි අවධානමක්?.
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ 'ජියෝසයන්ස්' නමැති භූ ගර්භය පිළිබඳ තොරතුරු වාර්තා කරන රාජ්‍ය ආයතනය මේ බව නිවේදනය කළා.
භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 200 ක් (සැතපුම් 124 ක්) වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන මෑන්ස්ෆීල්ඩ් අසල වූ අතර, එය කි.මී. 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් ඇති ව තිබෙනවා.
භූමිකම්පාව හේතුවෙන් මෙල්බර්න් නගරයේ ප්‍රධාන වීදියක සුන්බුන් සහිත පින්තූරයක් 3AW ගුවන් විදුලි මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ගොඩනැගිලිවල සිටි ජනතාව ඒවාගෙන් ඉවත් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙල්බර්න් නගරයෙන් පිටත කිසිඳු හානියක් පිළිබඳ ව තව ම වාර්තා වී නැහැ.
ඕස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් හරි අඩකට වඩා ජීවත් වන්නේ ඇඩිලේඩ් සිට මෙල්බර්න් සිට සිඩ්නි දක්වා ගිනිකොන දෙසින්.
කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |