රජයේ රෝහල් 70ක් ඉදිරිපිටදී අද සෞඛ්‍ය විරෝධයක්..
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
National Health Service
By Gagana
අද(22) දිවයින පුරා සෞඛ්‍ය විරෝධතාවක් ක්‍රියාත්මක වනවා.
ඒ සෞඛ්‍යමත් ජිවිතයක් සඳහා රටේ සෞඛ්‍ය සේවාවන් ඇති කිරීමට රජයට බල කරමින්.
අද දහවල් 12ට මෙම විරෝධතාව පවත්වන බවයි එය රජයේ රෝහල් 70ක් ඉදිරිපිටදී ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය සේවා වෘත්තීය එකමුතුව සහ ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පවසන්නේ.
ක්ෂේත්‍රය තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් විසඳීමට රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි සමස්ත ලංකා වෛද්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ.
