මේ දවස්වල පැතිරෙන භායනක් රෝගයක් ගැන ඔබ දැනුවත්ද..

By Piyumika Sep 17, 2024 01:42 AM GMT
Report

අම්බලන්තොට රිදියගම ගොවිපොළ ආශ්‍රිතව බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි

ගවයන්, එළුවන්, ඌරන් වැනි සතුන්ගෙන් එම රෝගය මිනිසුන්ට බෝවන අතර සතුන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයන්ට රෝගය වැලඳීමේ වැඩි අවධානමක් ඇත.

ඒක තනිකරම දමිළ සිනමා පටයක් වගේ සිදුවීමක් ..

ඒක තනිකරම දමිළ සිනමා පටයක් වගේ සිදුවීමක් ..

රෝගය වැලඳුණු පුද්ගලයන් දස දෙනකු මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

උණ, හිසරදය, ඇඟපත වේදනාව, වසාගැටිති ඉදිමීම, වමනය, පාචනය ආදී රෝග ලක්ෂණ ඇතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරයි.

"මගේ වැඩසටහන තමා IMF පිළිගෙන තියෙන්නේ.. IMF නැත්නම් උදව් කරන්න වෙන කවුරුත් නෑ"

"මගේ වැඩසටහන තමා IMF පිළිගෙන තියෙන්නේ.. IMF නැත්නම් උදව් කරන්න වෙන කවුරුත් නෑ"

මෙම රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට නිසි සනීපාරක්ෂක ක්‍රමවේද භාවිත කළ යුතු අතර සත්ත්ව අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කළ යුතුවේ.එමෙන්ම සතුන්ට රෝගය වැලඳීමට පෙර නිසි පරිදි එන්නත් කිරීම වැදගත් වේ.

සෑම වයස් කාණ්ඩයකම ජනතාවට රෝගය වැලඳිය හැකි බවත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වාගත හැකි බව ද එම සංවිධානය පෙන්වා දෙයි.