ලංකාවට නව මූල්‍ය පහසුකම් අහිමි වෙයි - ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්.

Sri Lanka Economic Crisis Sri Lanka Government Of Sri Lanka World Bank
By Wayomi Jul 30, 2022 04:40 AM GMT
Wayomi

Wayomi

Report

නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු මෙම මූල්‍ය පහසුකම් ලබා නොදෙන බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. '

ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනයේ දැඩි ලෙස පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ ව්‍යූහාත්මක හේතූන් ආමන්ත්‍රණය කිරීමද සිදු විය යුතු බවයි.

ඔවුන් මෙරට වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සහ ඉන් ශ්‍රී ලාංකික ජනතාවට එල්ල වන බලපෑම පිළිබඳ දැඩි කණස්සල්ලට පත්වෙනවා.

මේ අතර ලෝක බැංකුව වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ දුප්පත් සහ අවදානමට ලක් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය මඟ හරවා ගැනීමට ඖෂධ,ගෑස්,පොහොර,පාසල් ළමුන්ට ආහාර සහ දැඩි අවදානමට ලක් වූ පවුල් වලට මුදල් ආධාර ලබා දීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දැනටමත් අනුමත කර ඇති මූල්‍ය ව්‍යාපෘති වල සම්පත් නැවත සකස් කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW