ව්‍යාජ සහතිකපත් ඉදිරිපත් කළ ලාංකිකයෙක් ඉතාලියේ දී අත්අඩංගුවට...

By Parami Dissanayake Jun 12, 2024 05:54 PM GMT
Report

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තම පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට වීසා ඉල්ලුම්පත් සැකසීමේදීද, එරට පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදීද හා වෙනත් අවස්ථාවලදී ද තම උපැන්න , විවාහ, පොලිස් වාර්තා සහතික හා අනෙකුත් සහතික පත්‍ර ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් නීතිගත කිරීම සාමාන්‍යය ක්‍රියාපටිපාටිය වේ.

ශ්‍රී ලංකාවත් මැලේසියාවත් අතර නිදහස් වෙළඳ ගිවිසුමක්...

ශ්‍රී ලංකාවත් මැලේසියාවත් අතර නිදහස් වෙළඳ ගිවිසුමක්...

ඒ අනුව, මෙම සහතික පත් නීතිගත කිරීමේ දී ඉදිරිපත් කළ යුතු අදාළ ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කළ අයෙක් මෙලෙස ඉතාලියේ දී අත්අඩංගුවට ලක් ව ඇත.

මෙලෙස, අත්අඩංගුවට ලක්ව ඇත්තේ, වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියකින් මෙම අවශ්‍ය ලියකිවිලි සැකසූ ශ්‍රී ලාංකිකයෙකි.

මලාවි උප ජනාධිපතිට ගෞරව දැක්වීමට සති 03ක ශෝක කාලයක්...

මලාවි උප ජනාධිපතිට ගෞරව දැක්වීමට සති 03ක ශෝක කාලයක්...

ඒ අනුව, ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්‍රා සහිත සහතිකපත් ඉදිරිපත් කරමින් ඉතාලිය පුරවැසිභාවය ඉල්ලුම් කළ ශ්‍රී ලාංකිකයන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පවරා තිබෙනවා.

වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියක් පවත්වාගෙන යන පුද්ගලයෙක් විසින් මෙම ව්‍යාජ සහතිකපත් සකසා දුන් බවට එම ප්‍රශ්න වලට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් මුලික පොලිස් පරීක්ෂණවල දී හෙළි කර ඇති බවට වාර්තාවේ.