මලාවි උප ජනාධිපතිට ගෞරව දැක්වීමට සති 03ක ශෝක කාලයක්...
By Parami Dissanayake
මලාවි උප ජනාධිපතිවරයා ඇතුළු 9 දෙනෙකු ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්ව ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණා.
ඒ අනුව, මලාවි උප ජනාධිපති Saulos Chilima ගේ අභාවය වෙනුවෙන් එරට දින 21ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ.
එමෙන් ම, මියගිය සියලු දෙනා වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වන අතර එහි කටයුතු සූදානම් කිරීම සඳහා කමිටුවක් ද පත් කර ඇතැයි සඳහන් වේ.