පදිකයින්ට විශේෂ දැනුම්දීමක්..!
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ,ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් සිදුවී ඇති බවයි.
එම අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී ඇතැයි ඔහු සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, වාර්තා වූ මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන අතර එම ගණන 540ක් බවයි.
අද දින මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,
"මිය ගිය සංඛ්‍යාව ගත්තොත් විශේෂයෙන්ම 1,733න් 540ක් පදිකයින්. ඒ වගේම යතුරුපැදිකරුවන් 543ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා රියදුරන්ගෙන් මෙවැනි ආකාරයට මාර්ගයේ ගමන් ගන්නා මේ අහිංසක මිනිසුන් පිළිබඳ අවදානය යොමුකරන්න කියලා. සමහර අවස්ථාවල පදිකයින්ගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදුවී තිබෙනවා. ඒ නිසා පදිකයින් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරනකොට අවධානයෙන් කටයුතු කරන්න."
