විශේෂ දුරකථන ඇමතුමක් ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්.
Sri Lanka Police
Sri Lanka
By Wayomi
නොමඟ යවන සුළු දුරකථන ඇමතුම්වලට හසු නොවන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
වෛද්‍යවරුන් බව පවසමින් පුද්ගලයින් වෙත දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ දරුවන් රෝහල් ගතකර ඇති බව සහ වෙනත් හේතු පවසමින් බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙසට ඇමතුම් ලබාදෙන සිදුවීම් පෙළක් මේ වන විට වාර්තාවී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරනවා.
ඒ, අනුව පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කිසිදු අවස්ථාවක නාඳුනන දුරකථන ඇමතුම් මත තම මුදල් හෝ දේපළ ලබා නොදෙන ලෙසයි.
