මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් විශේෂ දැනුම්දීමක්..

Report

ලියාපදිංචි නොකළ දන්සල් අද (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

රසල් ආනල්ඩ් ට ලෝකයේ ඉහළ තැනක් ලැබෙයි..ලාංකිකයින්ට ආඩම්බරයක්..

රසල් ආනල්ඩ් ට ලෝකයේ ඉහළ තැනක් ලැබෙයි..ලාංකිකයින්ට ආඩම්බරයක්..


මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

මේ අතර, එළඹෙන වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා.

Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සැල්, ඒවා පැවැත්වෙන ස්ථානය, වෙලාව, ලබා දෙන්නේ මොනවාද යන තොරතුරු සියල්ල ඔබට දැන ගත හැකි බවයි පැවසෙන්නේ.

සෝයා මීට් ගැන පැතිර යන ආරංචිය මෙන්න..සමාජ මාධ්‍ය භාවිතා කරන සියලු දෙනාම දැඩි අවධානයෙන් ඉන්න..

සෝයා මීට් ගැන පැතිර යන ආරංචිය මෙන්න..සමාජ මාධ්‍ය භාවිතා කරන සියලු දෙනාම දැඩි අවධානයෙන් ඉන්න..


Android, Apple සහ Web යන සියලු ආකාරවලින් මෙම ඇප් එක බාගත කර ගැනීමට හැකියාව පැවතීම විශේෂත්වයක්.

වෙසක් පහන්, තොරණ්, බක්ති ගීත සංදර්ශන ආදිය පැවැත්වෙන ස්ථානද මෙම ඇප් එක මඟින් හඳුනා ගැනීමට හැකි බවයි පැවසෙන්නේ.

එමෙන්ම, දන්සැල් පැවැත්වෙන ස්ථාන පිළිබඳ තොරතුරු ඔබටත් මෙම එක ඇප් එකට ඇතුළත් කිරීමට හැකියාව පැවතීම තවත් විශේෂත්වයක් වනවා.