සෝයා මීට් ගැන පැතිර යන ආරංචිය මෙන්න..සමාජ මාධ්‍ය භාවිතා කරන සියලු දෙනාම දැඩි අවධානයෙන් ඉන්න..

Report

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ පල කරනු ලබන දැන්වීම් මගින් සම්බන්ධ කරගනිමින් සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා ඉහළ මුදලක් ලබාදෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සිදු කර වරෙන්තු 59 ක් නිකුත් කර තිබූ කාන්තාවක ජා-ඇල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් වශයෙන් සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපලේදී පිලිපීන කතක් අත්අඩංගුවට...

කටුනායක ගුවන් තොටුපලේදී පිලිපීන කතක් අත්අඩංගුවට...


පොලිසිය පවසන්නේ, අදාල සැකකාර කාන්තාව (41) වැනි වියේ පසු වන අතර, කඩවත, සූරියගම ප්‍රදේශයේ ස්ථිර වශයෙන් පදිංචිව සිට කුලී පදනම මත ලබාගත් නුගේගොඩ නාවල පාර නිවසේ සිට මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවයි.

මෙම ව්‍යාපාරය පිරමීඩ ක්‍රමයට පවත්වාගෙන යන එකක් බවට විශේෂයෙන් හඳුන්වා දී ඇති බවත් එම ක්‍රමය අනුව ඉහළින් සිටින පුද්ගලයාට වැඩියෙන් මුදල් ලැබෙන බව පවසා මෙම සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා භාරදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..

දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්..ප්‍රධාන මාර්ගයක දුම්රිය ධාවනයට බාධා..