තමන්ගේ අම්මාගේ මළසිරුර, දවස් පහක් තිස්සේ ගෙදර තියාගෙන, “බඩපිස්සා” කරන්න ගිය නොමනා වැඩේ හෙළි වෙයි..
මියගිය සිය මවගේ සිරුර දින පහක් නිවසේ තබාගෙන සූදූ පිටියක් පැවැත්වීමට උත්සාහ කළ තරුණයෙකු ගැන පුවත් වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ලක්ෂ 10ක මුදලක් සොයා ගැනීම වෙනුවෙන්, මෙම තරුණයා මෙසේ සිය මිය ගිය මවගේ දේහය දින පහක් නිවසේ රඳවා ගැනීමටයි උත්සහා දරා ඇත්තේ.
මිය ගිය කාන්තාව දරුවන් නව දෙනෙකුගේ මවක් වන අතර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය යන විට අසූ හැවිරිදි වියේ පසුවූ බවයි වාර්තා වන්නෙ. පවුලේ බාලයා (සිද්ධියට අදාළ තරුණයා) මෘත දේහය කඩිනමින් ලබා ගැනීමට උත්සාහ දරා ඇති අතර, මේ ගැන මරණ පරීක්ෂණ සිදු කළ කාන්තාවට සැකයක් පහළ වී තිබෙනවා.
අනතුරුව ඇය මෙම අසාමාන්‍ය සිදුවීම ගැන වැල්ලම්පිටිය පොලිසිය දැනුම්වත් කර තිබෙනවා. අනතුරුව හෙළි වී ඇත්තේ මෙම තරුණයා දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වී ඇති බවයි. තම මවගේ සිරුර දින පහක් තබාගෙන රුපියල් ලක්ෂ 10 මුදලක් උපයා ගැනීම ඔහුගේ අරමුණ වී තිබුණා.
කෙසේ වෙතත් , මරණ පරීක්ෂණ උසාවියේදී මෙම බාල පුත්‍රයාගේ හැසිරීම නිරීක්ෂණය කළ මරණ පරීක්ෂණය සිදු කළ නිලධාරිනිය ඔහුට අවවාද කොට තිබෙනවා.
"දරුවන්ට පොළොවේ පය ගසා ජීවත් වීමට අවශ්‍ය පන්නරය දෙමාපියන් විසින්ම ලබා දෙන්න ඕනි ! නැති නම් දෙමාපියන්වත් අඳුරන්නෙ නැති දරුවන් බිහි වෙනවා. තමන්ගේ අම්මාගේ මෘතදේහය විකුණන කන දරුවන් ඒකයි බිහි වෙන්නේ.." අනතුරුව මෙම බාල පුත්‍රයාගේ නොමනා ක්‍රියාව හෙළි වීමෙන් පසු, දැඩි සේ අවවාද කර ඇති බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |