කිරි කැටියෙක් ඇළක කිලෝමීටර ගාණක් ගහගෙන ගිහින් - නිමේෂයකින් සිදු වූ ඒ සංවේදී පුවත.. (VIDEO)

Report

වසස අවුරුද්දයි මාස දහයක් වූ කුඩා පිරිමි දරුවෙක් පොළොන්නරුව, ඉසෙඩ් ඩී ඇළට සම්බන්ධ ඇළ මාර්ගයකට ඇද වැටී මියගොස් තිබෙනවා.

කිරි කැටියෙක් ඇළක කිලෝමීටර ගාණක් ගහගෙන ගිහින් - නිමේෂයකින් සිදු වූ ඒ සංවේදී පුවත.. (VIDEO) | A Small Child Died In Polonnaruwa

එම දරුවාව ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් දෙකක් පහළට ගසාගෙන ගොස් තිබිය දී ප්‍රදේශවාසියෙකු විසින් දැක තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පොළොන්නරුව, වැලිකන්ද, සිංහපුර ජයවික්‍රම ගම්මානයේ පදිංචිව සිටි ඉසුරු ජයනාත් බණ්ඩාර නමැති දරුවෙක් ය.

ප්‍රදේශවාසීන් සඳහන් කළේ පුංචි ඉසුරු සාමාන්‍යයෙන් සිය මව සමග නිතරම මෙම ඇළට පැමිණෙන බවයි.

ඒ නිසා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඇළට තනිව පැමිණීම වැළැක්වීම සඳහා නිවැසියන් කුඩා වැටක් ද නිවස වටේට යොදවා ඇත.

ඊයේ (26) දහවල් සිය මව නිවසේ නොසිටි අවස්ථාවක දී මොහු සිය වැඩිමහල් සහෝදරියටත් හොරෙන් ඉසෙඩ් ඩී ඇළ අසලට ගොස් තිබෙනවා.

ඒ වෙලාවේ දී මෙම ආරක්ෂිත වැටේ ගේට්ටුව විවෘතව තිබී ඇත.

ඒ හේතුවෙන් දරුවා එකවරම ඇළ අසලට පැමිණෙන්නට ඇති බවට ප්‍රදේශවාසීන් සැක කරයි.

දෙමාපියන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දරුවා සෙව්ව ද හමු වී නොමැති අතර පැයකට පමණ පසු නිවසට දුරින් දරුවෙක් ඇළේ ගසාගෙන යනු දුටු පුද්ගලයෙක් දරුවා ගොඩගෙන ඇත.

අනතුරුව ප්‍රතිකාර සඳහා දරුවාව වැලිකන්ද රෝහලට රැගෙන ගිය ද ඒ මොහොත වනවිට ද දරුවා මියගොස් තිබෙනවා.

වීඩියෝ දර්ශන - Ada Derana


.