පාසල් සිසුවෙක් අලියෙකුගේ පහර දීමෙන් මරුට.
Police spokesman
Sri Lanka
Death
By Hashini
අලියෙකු පහර දී හිස පෑගීම නිසා 12 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් ඇති බව පනාමුර පොලිසිය පවසනවා.
පනාමුර කාවන්තිස්ස රජමහා විහාරයේ අද (15) පැවැත්වීමට නියමිත වාර්ෂික පෙරහර වෙනුවෙන් රැගෙන විත් තිබු අලියෙකු රඳවා සිටි ස්ථානයට ගොස් සිටියදි සිසුවාට මෙම අනතුර සිදුව තිබෙනවා.
අලියා පෑගීම නිසා බරපතල තුවාල ලැබු සිසුවා විහාරස්ථානයේ පිරිස් විසින් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව පොලිසිය පවසනවා.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ගල් අමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර, අලියා භාරව සිටි ඇත්ගොව්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පනාමුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනවා.
