පාසක් සිසුන්ට පැපොල වැළදීමේ අවදානමක්, සෞඛ්‍යයෙන් පාසලක් වැසීමටත් තීරණ

Report

කළුතර සිරිකුරුස විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන් 25 දෙනකු හට පැපොල රෝගය වැළඳීම නිසා ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත තාවකාලිකව එම පාසල වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම විදුහලේ 04 වන ශ්‍රේණියේ සිසුන් අතර මෙම රෝගය පැතිර ගොස් තිබෙනවා.

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම මේ අයට මේ නිවාඩු අනිවාර්යයි

එසේම වසා දැමූ ප්‍රාථමික අංශයේ සිසුන් 500 ක් පමණ අධ්‍යාපනය ලබන බව ද සඳහන්.

විදුහලේ මේ දිනවල දෙවන වාර පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අතර දෙවන වාරයේ පාසල් නිවාඩුව ලබන 07 වැනිදා සිට ආරම්භවීමට නියමිතව තිබුණා.

එනිසා යළි පාසලේ අධ්‍යයන කටයුතු අගෝස්තු 18 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති බව පවසයි.

මේ අතර කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බැසිල් එදිරිසූරිය සහ කළුතර මහ නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගිහාන් මාලින්ද ප්‍රනාන්දු යන අය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

මේ වාහන අරන් ගියා නම් කරුණාකරලා මේ හිඟ බද්ද ගෙවන්න ලෑස්ති වෙන්න

අද මේ අයට පැය 12ක් වතුර නෑ

අද මේ අයට පැය 12ක් වතුර නෑ

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල

සිකුරා ලබන,මිල මුදල් යහමින් ලැබී දියුණුවට මං පාදන අද ලග්න පලාපල