සෙල්ලම් කරමින් සිටි දරුවෙකුට මරු කැඳවූ කුකුළා

Rooster
By Thaya Apr 10, 2021 06:50 PM GMT
Report

මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ නිවසක ළමයින් දෙදෙනකු සෙල්ලම් කරමින් සිටියදී කුකුළෙකට බියෙන් දිව ගිය ළමයකු තාප්පයක වැදී හිසට හානි සිදු වීමෙන් මරුමුවට පත් වී ඇත. මොහු බියගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබිණි. පෙරේදා (08) වැනිදා පෙරවරුවේ සිදු වූ මේ සිද්ධියෙන් මිය ගියේ මල්වානේ, යබරලූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි බියගම මධ්‍ය මහා විදුහලේ 09 වන වසර පන්තියේ අධ්‍යාපනය ලැබූ එච්. පී. එන්. චින්තක දිසානායක නමැති දාහතර හැවිරිදි පාසල් සිසුවෙකි. මේ පිළිබඳව මරණ පරීක්ෂණය බියගම හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය හර්ෂජිත් ගුණසේකර මහතා විසින් පවත්වා මළ සිරුර පීසීආර් පරීක්ෂණයට යොමුකොට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසට පොලිසියට නියෝග කරන ලදී. මේ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (09 වැනිදා* රාගම මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් අනුව සැරයන් සමන්ත මහතා (43916) මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.