වසරකට ආසන්න කාලයක් ICU එකේ ඉන්න ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී ගැන වෛද්‍ය කුමුදේශ් කළ හෙළිදරව්ව.(VIDEO)
හදිසි අනතුරකට ලක්ව වසරකට ආසන්න කාලයක් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ සම්බන්ධයෙන් සමාජයෙන් නම් එල්ල වෙන්නේ දැඩි විරෝධවකයක්.
ඒ කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා නම් පවසන්නේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගැඹුරු සායනික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.
ජැක්සන් ඇන්තනී මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ප‍්‍රවීණ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා විසින් බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බවත් එය සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් වැඩි බරක් තබා විභාගයට ගත යුතු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඔහු අවධාරණය කරන්නේ, අනතුරින් පසු ජැක්සන් ඇන්තනි මහතාට සිදුකළ පළමු සැත්කමෙන් අනතුරුව තමන් හා කතා කළ බවත් ඉන් පසුව කල දෙවැනි ශල්‍යකර්මයෙන් නිසා ඔහු ආබාධයක් පැමිණි බවටත් එල්ල කරන චෝදනාව බරපතළ බවයි.
ඔහු මෙම අදහස් පළ කර ඇති youtube නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්.
වැඩි විස්තර පහත වීඩියෝවෙන්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |