මෙරට කාන්තාවන්ට වසරක් යන තුරු ගැබ් ගැනීම තහනම්..? විස්තර මෙන්න...(VIDEO)

covid19 lock down pregnancy Delta variant dr Harsha Athapaththu
By Sewvandhi Sep 08, 2021 11:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිනෙන් දින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද ඇතිවන බැවින් හැකිනම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හදුවේදී විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොවිඩ් වෛරසය තවමත් වෛද්‍ය විද්‍යාව තුළ අධ්‍යයනය කරමින් පවතින බවය.

"කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තටම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි මේ රෝගය ගැන මුලින්ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ.. අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා ප්‍රභේදය එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. ගර්භණී සමයේ කොවිඩ් හැදුනොත් අපි ගන්නේ අධි අවදානම් තත්ත්වයක් හැටියට. දරුවටත් අම්මටත් හානි වෙන්න පුළුවන්. ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පුළුවන් නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකින් පමා කරන්න. ඔබ කැමතිනම්. අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ විශාල කාලයක්. එතකොට අපි එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේම එන්නත් ගැනත් අපි දන්නවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now