සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන්නැයි ප්‍රබල ඉල්ලීමක්..PCR සහ කොවිඩ් ආරක්ෂිත ඇඳුම ඉවත් කරන්න කියයි..

covid19 hemantha herath PCR test curfew rules dr Anvar Hamdhaani
By Sewvandhi Sep 08, 2021 03:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටට පැමිණෙන රුසියානු සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කරගැනීම සඳහා නිරෝධායන මාර්ගෝපදේශ කිහිපයක් ලිහිල් කරන ලෙස ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා කොවිඩ් ආරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳීම අනිවාර්ය නොකිරීම, දිවයිනට පැමිණීමේදී පැය 72කට පෙර PCR පරීක්ෂණයක් සිදුකිරීමේ කොන්දේසිය ඉවත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් ඊට ඇතුළත්ය.

මේ අතර කොවිඩ් වෛරසය ආසාදනයෙන් දින 10ක් ගතවූ සෞඛ්‍ය අංශ සේවකයින්ට යළි රැපිඩ් ඇන්ටිජන් හෝ PCRපරීක්ෂණයකින් තොරව සේවයට කැඳවමින් සෞඛ්‍ය අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ්-19 රෝග පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ,

"එන්නත ලබාදීමත් එක්ක ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය යම් ප්‍රමාණයක් හැදිලා තියෙනවා. එතකොට ඔහුගෙන් රෝගය වෙනත් කෙනෙකුට යන්නේ නෑ. ඔහුට රෝග ලක්ෂණත් නැත්නම්, අපහසුවකුත් නැත්තම් ඇයි ඔහු දායක වෙන්නේ නැත්තේ."

මේ අතර, කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය එරට වැසියන්ට දැනුම් දී තිබේ.

ඒ ශ්‍රී ලංකාව කොවිඩ් අවදානම සම්බන්ධයෙන් 4වන මට්ටමේ එනම් ඉහළම අවදානම් රටවල් අතරට නම් කරමිනි. ශ්‍රී ලංකාවට අමතරව ජැමෙයිකාව සහ බෘනායි යන රටවල් ද අමෙරිකාව විසින් ඉහළ අවදානම් රටවල් අතරට ඇතුළත් කර තිබේ.

අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පූර්ණ එන්නත්කරණයට ලක්වූ අයෙකු වියයුතු බව අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට ද වෛරසය ආසාදනය වීමේ හැකියාව මෙන්ම පැතිරවීමේ හැකියාව ද පවතින බව ඔවුන් පෙන්වාදී තිබේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now