ත්‍රීරෝද රථ ගාස්තුව නියාමනය කලත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට චෝදනා ..

Sri Lanka Western Province Petrol diesel price
By Piyumika Oct 05, 2024 08:44 AM GMT
Piyumika

Piyumika

Report

බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයක් සිදුකරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළද මාස දෙකක් ඉක්ම යන තෙක් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ත්‍රිරෝද රථ සංගම් සහ ජනතාව චෝදනා කරනවා.

දැවැන්තයන් රැසකට උන්හිටි තැන අහිමි කරමින් සිදු වූ ඛේදවාචකය..(VIDEO/PHOTOS)

දැවැන්තයන් රැසකට උන්හිටි තැන අහිමි කරමින් සිදු වූ ඛේදවාචකය..(VIDEO/PHOTOS)

ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් එම මිල නියාමනයට අනුව කටයුතු කළද බොහෝ රියැදුරන් මිල නියාමනයට අනුව කටයුතු නොකරන බවටයි චෝදනා එල්ල වන්නේ.

පසුගිය ජූලි මාසයේ සිට බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කර තිබුණා .

මිල අධික දුරකථනයක් පාසලට ගෙනල්ලා සිද්ධ වුනු දෙයක්..

මිල අධික දුරකථනයක් පාසලට ගෙනල්ලා සිද්ධ වුනු දෙයක්..

ඒ අනුව රුපියල් 100ක්ව පැවැති පළමු කිලෝමීටරයේ ගාස්තුව නොවෙනස්ව පවතින අතර දෙවන කිලෝමීටරයේ සිට පැවැති රුපියල් 100ක ගාස්තුව රුපියල් 90ක් දක්වා රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බවයි එම අධිකාරිය පැවසුවේ.

එමෙන්ම ත්‍රිරෝද රථ තුළ මිල ප්‍රදර්ශනය වන පරිදි ගාස්තු මීටරයක් සවි කිරීම, ත්‍රිරෝද රථයේ ඉදිරිපස වම් කෙළවරේ අදාළ මිල ගණන් ප්‍රදර්ශණය කිරීමට ද මෙහිදී යෝජනා කෙරුණා.

ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකුලව නව ජනපති හමුවට ..(PHOTOS)

ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකුලව නව ජනපති හමුවට ..(PHOTOS)

කෙසේ වෙතත් එම මිල නියාමනය මෙතෙක් යථාර්ථයක් වී නොමැති බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ.