මිල අධික දුරකථනයක් පාසලට ගෙනල්ලා සිද්ධ වුනු දෙයක්..

Sri Lanka Police Sri Lanka School Incident
By Piyumika Oct 05, 2024 07:06 AM GMT
Piyumika

Piyumika

Report

කොම්පඤ්ඤවීදිය ආරක්ෂක විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ රුපියල් එක්ලක්ෂ හැට දහසක් වටිනා ජංගම දුරකථනයක් එම විද්‍යාලයේ සිසුවාගේ පංති කාමරයේදී සොරගෙන ගොස් ඇති බව රද්දොලුගම පොලිසිය පවසයි.

දැවැන්තයන් රැසකට උන්හිටි තැන අහිමි කරමින් සිදු වූ ඛේදවාචකය..(VIDEO/PHOTOS)

දැවැන්තයන් රැසකට උන්හිටි තැන අහිමි කරමින් සිදු වූ ඛේදවාචකය..(VIDEO/PHOTOS)

ලෝක ළමා දිනය දා මෙම සොරකම සිදුකර ඇති බවද පොලිසිය කියයි. ලෝක ළමාදින සැමරුම් උළෙලක් මෙම ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේ ලෝක ළමා දිනය දා (01දා) පැවති බවද, එම උළලේ ඡායරූප ගැනීම සඳහා තම දරුවා ජංගම දුරකථනය මෙදින පාසලට රැගෙන ගොස් ඇති බවද මේ පිළිබඳව සිසුවාගේ මව විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන බව රද්දොලුගම පොලිසිය පවසයි.

තම පාසල් පොත් බෑගයට ජංගම දුරකථනය දමා සිසුවා පංති කාමරයෙන් බැහැරව ගොස් නැවත පංති කාමරයට පැමිණ බෑගය පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථනය අතුරුදන් වී තිබීම නිසා එදින (01දා) සවස සිසුවා නිවසට පැමිණ ඒ පිළිබඳව සිය මවට පවසා තිබේ.

බිහිසුණු ලෙස තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි..(CCTV VIDEO)

බිහිසුණු ලෙස තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි..(CCTV VIDEO)

ඒ අනුව සිසුවාගේ මව මෙම සොරකම පිළිබඳව රද්දොලුගම පොලිසියට පැමිණිලි කර ඇත. සිසුවා රද්දොලුගම නිවාස සංකීර්ණයේ රජයේ නිල නිවසක සිය මව සහ පියා සමඟ පංදිංචිව සිටින 15 හැවිරිදි දරුවකි.

මේ පිළිබඳව කරන ලද පැමිණිල්ල කොම්පඤ්ඤවීදිය පොලිසියට යවන බව අප කළ විමසීමකදී රද්දොලුගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියක් පැවසීය.