යළිත් මුහුද ගොඩට ගලයි. - ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්.

Sri Lanka Department of Meteorology Weather
By Wayomi May 29, 2024 07:10 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනට වටා මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන්නැයි දැනුම්දී ඇති අතර එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 - 70ත් අතර වැඩි වෙන බවත් මුහුද ඉතා රළු වෙන බවත් අදාළ නිවේදනයේ සඳහන්.

බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක්. - දෙදෙනෙක් අතුරුදන්. - (VIDEO)

බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක්. - දෙදෙනෙක් අතුරුදන්. - (VIDEO)


මෙම තත්වය හමුවේ මුහුදු ප්‍රදේශයන්ට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසට ද නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම්දී ඇත.

මෙහිදී කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.5 දක්වා ඉහළ යාහැකියි.

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.

.......................................................

May you Like