බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක්. - දෙදෙනෙක් අතුරුදන්. - (VIDEO)
By Wayomi
අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරිම සිදුව ඇති අතර පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පිපිරීමෙන් පසුව ඒ වෙත පැමිණි හදිසි සේවා අංශ ගොඩනැගිල්ල තුළ සිටි පිරිස වහාම ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබුනා.
ඒ, එම ගොඩනැගිල්ල කඩා වැටීමට පැවති අවදානම සැලකිල්ලට ගනිමින්.
පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.