රතු කැකුළු සහල් පිළිබද විශේෂ අනාවරණයක්..මිලදී ගැනීමේදී විමසිලිමත් වන්න..
රතු කැකුළු සහල් වෙනුවට සුදු කැකුළු මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වෙළෙඳපොළ තුළ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්ය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ අතර පසුගිය දින කිහිපය තුළ පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 140කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.
ඊයේ දිනයේ සිදුකළ වැටලීමක දී වැඩි මිලට සහල් අලෙවි කළ ගම්පහ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට එරෙහිව රුපියල් ලක්ෂ 10ක දඩයක් පැනවීමට ද කටයුතු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.
You may like this video