හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (27) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්.

ඒ යාපනයේදී අතුරුදන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා සම්බන්ධ නඩුවේ වැඩිදුර සාක්ෂි ලබාදීම සඳහායි.

එම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා නියෝග කර තිබුණා.

2011 වසරේ දෙසැම්බර් 09 වැනි දින යාපනයේදී මෙම දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වූ අතර, එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා හිටපු ජනාධිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබා දුන් අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ අදාළ සිදුවීමෙන් වසර ගණනාවක් ගතවී ඇති බැවින් ඇතැම් කරුණු තමන්ට මතක නොමැති බවටයි. එබැවින් හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුර සාක්ෂි විමසීම අද සිදුකිරීමට නියමිත බව සඳහන්. 

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න