තත්පර 30ක වීඩියෝවකින් ඉන්දියාවේ දින 10ක සංචාරයක් දිනාගන්න ශ්‍රී ලාංකිකයන්ටත් අනගි අවස්ථාවක්– සම්පූර්ණයෙන්ම නොමිලේ අයදුම් කරන හැටි මෙන්න

By Kanchana Nov 27, 2026 04:05 AM GMT
Report

ඉන්දියාව විසින් ‘Pravasi Bharatiya Divas (PBD) 2027’ වැඩසටහනට සමගාමීව ‘#IndiaInMe’ නමින් රීල් වීඩියෝ තරගයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සඳහා ශ්‍රී ලාංකිකයන් ඇතුළු ඉන්දියාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට සහභාගි විය හැකි අතර, ජයග්‍රාහකයන්ට ඉන්දියාවේ දින 10ක සංචාරයක් සඳහා අවස්ථාව හිමිවනු ඇත.

තරගය පිළිබඳව නිවේදනය කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා, ‘මට ඉන්දියාව යනු කුමක්ද?’ (What India Means to Me) යන තේමාව යටතේ රීල් වීඩියෝවක් නිර්මාණය කරන ලෙස සහභාගිවන්නන්ට ආරාධනා කර තිබේ.

ඒ හරහා ඉන්දියාව සමඟ තමන්ට ඇති සම්බන්ධතාව සහ බැඳීම නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ. 2026 නොවැම්බර් 20 වැනිදා ආරම්භ වූ මෙම තරගය සඳහා 2026 දෙසැම්බර් 20 වැනිදා රාත්‍රී 11.59 දක්වා අයදුම්පත් භාරගනු ලැබේ. ඉන්දියාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට මෙම තරගයට සහභාගි විය හැකිය.

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න

ඒ අතරට ඉන්දියානු විදේශගත පදිංචිකරුවන් (NRIs), විදේශයන්හි වෙසෙන ඉන්දීය පුරවැසියන් (OCIs), ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් (PIOs) මෙන්ම වෙනත් විදේශීය ජාතිකයන්ද ඇතුළත් වේ.

තරගයට සහභාගි වන්නේ කෙසේද?

තරගයට ඉදිරිපත් වීමට කැමති පුද්ගලයන් Apple App Store හෝ Google Play Store වෙතින් ‘BharatVerse’ යෙදුම බාගත කරගෙන ඒ හරහා ලියාපදිංචි විය යුතුය. අනතුරුව එහි සඳහන් #IndiaInMe රීල් තරගය තෝරාගත යුතුය.

සහභාගිවන්නන් විසින් ‘මට ඉන්දියාව යනු කුමක්ද?’ යන තේමාව නිරූපණය වන පරිදි උපරිම තත්පර 30ක කාලයකින් යුත් සිරස් ආකෘතියේ (Vertical) Instagram රීල් වීඩියෝවක් නිර්මාණය කළ යුතුය. එ

ම වීඩියෝව #IndiaInMe යන හැෂ්ටැගය භාවිත කරමින් Instagram වෙත පළ කළ යුතු අතර, @bharatversequiz ගිණුම සහයෝගීකරුවෙකු (Collaborator) ලෙස එක් කළ යුතුය.

එම ගිණුමෙන් ලැබෙන සහයෝගීතා ආරාධනය පිළිගැනීමෙන් පසු තරගයට සහභාගි වීම තහවුරු වේ.

මෙම තරගයට සහභාගි වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර, ඒ සඳහා කිසිදු ලියාපදිංචි ගාස්තුවක් හෝ මිලදී ගැනීමක් අවශ්‍ය නොවේ. එසේම මෙය වාසනාව මත පදනම් වූ දිනුම් ඇදීමක් නොවන බවද සංවිධායකයන් සඳහන් කර තිබේ. තරගයේ නියමයන් සහ කොන්දේසි අදාළ වේ.   

යුද ගිනි යළි උත්සන්න වෙයි - හූති කැරලිකරුවන් එල්ල කළ නවතම ප්‍රහාරයෙන් සෞදියත් යළි උණුසුම් - එක් අයෙක් මරුට - තවත් පිරිකට තුවාල

යුද ගිනි යළි උත්සන්න වෙයි - හූති කැරලිකරුවන් එල්ල කළ නවතම ප්‍රහාරයෙන් සෞදියත් යළි උණුසුම් - එක් අයෙක් මරුට - තවත් පිරිකට තුවාල