ඇයට මගේ මරණය අවශ්‍යයි... සියදිවි නසා ගැනීමට පෙර තැබූ අවසන් සටහන..(PHOTO)

By Piyumika Jan 28, 2025 02:55 AM GMT
Report

බිරිඳගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව සැමියා සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකු සිය නිවසේ මියගොස් සිටියදී ඔහුගේ පවුලේ අය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ හතළිස් හැවිරිදි පුද්ගලයෙක් 

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු වසර දෙකකට පමණ පෙර විවාහ වූ නමුත් නිතර ඇති වූ ආරවුල් හේතුවෙන් විවාහයෙන් මාස තුනකට පසු ඔවුන් වෙන්ව ජීවත් වීමට පටන් ගෙන ඇති බවයි.

විහාරස්ථානයක ශ්‍රමදාන කටයුත්තකදී නොහිතපු පිපිරීමක් ..ඇඟ හිරිවට්ටමින් සෝදිසියේදී හමුවෙලා තියන දේ බලන්න..

විහාරස්ථානයක ශ්‍රමදාන කටයුත්තකදී නොහිතපු පිපිරීමක් ..ඇඟ හිරිවට්ටමින් සෝදිසියේදී හමුවෙලා තියන දේ බලන්න..

එමෙන්ම ඔහුසිය බිරිඳගේ හිරිහැර හේතුවෙන් මියගොස් ඇති බවටයි පොලිසිය සඳහන් කර ඇත්තේ 

බිරිඳ දික්කසාද වීමට නඩුවක් ගොනු කර ඇති අතර, වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා ඇති බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මියගිය තැනැත්තාගේ සහෝදරයා පවසා ඇත්තේ, ඉරිදා උදෑසන පවුලේ අය පල්ලියට ගොස් දහවල් නැවත නිවසට පැමිණෙන විට ඔහුගේ සහෝදරයා සිවිලිමේ එල්ලී සිටිනු දුටු බවයි.

තවද ඔහු සියදිවි නසා ගැනීමට පෙර සටහනක් තබා ඇති අතර එහි සඳහන් කර ඇත්තේ, "තාත්තේ, මට සමාවෙන්න. මගේ බිරිඳ පින්කි මාව මරනවා, ඇයට මගේ මරණය අවශ්‍යයි... මම මගේ බිරිඳගේ වධහිංසා නිසා මැරෙනවා" යනුවෙන්.

එමෙන්ම මීට මාස තුනකට පෙර රැකියාව අහිමි වීමත් සමග විවාහයේ ආතතිය තවත් වැඩි කළ බවක් පෙනෙන්නට තිබූ බවයි ඔහුගේ පවුලේ අය සඳහන් කරන්නේ.

මෙරට ළමයින් සම්බන්ද භයානක අනාවරණයක්..ඔබේ දරුවා ආරක්‍ෂිත බවට ඔබට විශ්වාසද..

මෙරට ළමයින් සම්බන්ද භයානක අනාවරණයක්..ඔබේ දරුවා ආරක්‍ෂිත බවට ඔබට විශ්වාසද..

"අපේ සහෝදරයාට යුක්තිය අවශ්‍යයි. ඒ කාන්තාව අත්අඩංගුවට ගත යුතුයි. මගේ සහෝදරයා දුක් විඳි ආකාරයට කිසිවෙකු දුක් විඳිය යුතු නැහැ," ඔහුන් එසේ පවසා තිබෙනවා.

මියගිය තැනැත්තාට බිරිඳගේ සහෝදරයා විසින් ද පහර දී ඇති බවටයි වැඩිදුර වාර්තා සඳහන් කරන්නේ

ඒ අනුව, මියගිය තැනැත්තාගේ සහෝදරයාගේ පැමිණිල්ලකට අනුව, ඔහුගේ බිරිඳට එරෙහිව සියදිවි නසා ගැනීමට අනුබල දීම යටතේ පොලිසිය නඩුවක් ගොනු කර තිබෙනවා.

 සිද්ධි සම්බන්ධයෙන් බලධාරීන් විමර්ශන සිදු කරයි

ඇයට මගේ මරණය අවශ්‍යයි... සියදිවි නසා ගැනීමට පෙර තැබූ අවසන් සටහන..(PHOTO) | Husband Commits Suicide

You may like this video