පාර්ලිමේන්තු ආසන ගැන අලුත් යෝජනාවක් - ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකටම 50%ක වැඩිවීමක්?

Report

ඉන්දියාවේ මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලන මතභේද විසඳීම සඳහා සෑම ප්‍රාන්තයකටම හිමි ලෝක් සභා ආසන සංඛ්‍යාව සියයට 50කින් ඉහළ නැංවීමේ යෝජනාවක් කෙරෙහි අවධානය යොමුව තිබේ.

නොවැම්බර් 30 වැනිදා යළි රැස්වන ඉන්දීය පාර්ලිමේන්තුවේදී අදාළ පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ NDA සන්ධානය මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

දැනට එක් එක් ප්‍රාන්තයට හිමි ආසන අතර පවතින අනුපාතය වෙනස් නොකර මෙම වැඩි කිරීම සිදුකිරීම යෝජනාවේ අරමුණයි.

පාර්ලිමේන්තු ආසන ගැන අලුත් යෝජනාවක් - ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකටම 50%ක වැඩිවීමක්? | New Proposal For India S Parliamentary Seats

ජනගහනය පදනම් කරගෙන පමණක් ආසන බෙදාහැරීමක් සිදුකළහොත් ජනගහන වර්ධනය පාලනය කළ දකුණු ඉන්දීය ප්‍රාන්තවලට හිමි පාර්ලිමේන්තු නියෝජනය අඩුවිය හැකි බවට පවතින බිය අවම කිරීම එහි එක් අරමුණකි.

2023 වසරේ සම්මත කළ නීතියට අනුව පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවල කාන්තා නියෝජනය සියයට 33ක් දක්වා ඉහළ නැංවීම ද මෙම පනත් කෙටුම්පත් සමඟ සම්බන්ධ කර තිබේ.

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න

සෞදි තෙල් පිරිපහදු ප්‍රහාර හමුවේ ලෝක තෙල් වෙළෙඳපොළ කැළඹෙයි - අද බොරතෙල් මිල වෙනස් වූ හැටි මෙන්න

කෙසේ වෙතත්, මැතිවරණ කොට්ඨාසවල සීමා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් වෙනස් කිරීමේ අවදානමක් පවතින බව විපක්ෂය චෝදනා කරයි.

විශේෂයෙන්ම ජනගහන දත්ත පදනම් කරගෙන ඡන්දදායක කණ්ඩායම් විවිධ කොට්ඨාසවලට බෙදා වෙන් කිරීම මඟින් මැතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කළ හැකි බව ඔවුන්ගේ අදහසයි.

ඉන්දීය ලෝක් සභාවේ ආසන සංඛ්‍යාව අවසන් වරට වෙනස් කර ඇත්තේ 1970 දශකයේදී වන අතර, 1971 ජන සංගණනය අනුව එය ආසන 543ක් ලෙස තීරණය කර තිබේ.

පසුව ආසන සංඛ්‍යාව වෙනස් කිරීම අවස්ථා දෙකකදී වසර 25 බැගින් කල් දමා ඇත.

මේ අතර, පසුගිය අප්‍රේල් මාසයේදී අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය ලබාගැනීමට නොහැකි විය.

එහිදී පක්ෂව ඡන්ද 298ක් සහ විපක්ෂව ඡන්ද 230ක් ලැබුණු අතර, අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද 54ක් අඩුවිය.

මෙවර පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා ඡන්ද 360ක් පමණ අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇති අතර, NDA සන්ධානයට දැනට සහාය පළ කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 319ක් පමණ බව වාර්තා වේ.

කෝටි 2,060ක රන් හා දියමන්ති තෑග්ගක් තිරුපති දේවාලයට - චෙන්නායි යුවළක් කළ මහා පරිත්‍යාගය

කෝටි 2,060ක රන් හා දියමන්ති තෑග්ගක් තිරුපති දේවාලයට - චෙන්නායි යුවළක් කළ මහා පරිත්‍යාගය

එබැවින් සන්ධානයෙන් පිටත මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම ආණ්ඩුවට තීරණාත්මක වනු ඇත.

විපක්ෂය ඉල්ලා සිටින්නේ දැනට පවතින ආසන 543 සංඛ්‍යාව වෙනස් නොකර, ඉන් ආසන 182ක් කාන්තාවන් සඳහා වෙන් කර වසර 25ක කාලයක් එම ක්‍රමවේදය පවත්වාගෙන යන ලෙසයි.

මේ අතර, නොවැම්බර් 27 වැනිදා ඉන්දීය මධ්‍යම කැබිනට් මණ්ඩලය රැස්වී අදාළ පනත් කෙටුම්පත්වලට සිදුකළ හැකි සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

දෙසැම්බර් 3 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති පාර්ලිමේන්තු සැසිවාරය තුළ පනත් සම්මත කර ගැනීම මෝදි රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

බැංකොක් නගරය සලිත කරමින් ප්‍රධාන තෙල් ගබඩාවක පිපිරීමක් - දැවැන්ත දුම් වලාකුළක් මැද ජනතාවට ඉවත් වීමේ නියෝග

බැංකොක් නගරය සලිත කරමින් ප්‍රධාන තෙල් ගබඩාවක පිපිරීමක් - දැවැන්ත දුම් වලාකුළක් මැද ජනතාවට ඉවත් වීමේ නියෝග