පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

Report

පොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි ලබා දීමේ ව්‍යාපෘතිය අනුව මේ වන විට නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි සඳහා ඉල්ලුම් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. එහිදී අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වැය වන බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දැරීමට නියමිත බවයි.

එසේම පොලිස් නිලධාරීන්ට අදාළ යතුරුපැදි ලබා දීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමටද සැලසුම් කර ඇති බව ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා.

කවුද හිතුවේ රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - කැරට් 24 රන් පවුමක්ම ලක්ෂ තුනහමාරට අඩුවෙයි - රටම පිස්සු වට්ටන අලුත්ම රන් මිල

කවුද හිතුවේ රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - කැරට් 24 රන් පවුමක්ම ලක්ෂ තුනහමාරට අඩුවෙයි - රටම පිස්සු වට්ටන අලුත්ම රන් මිල

ඊට අදාළ ක්‍රියාපටිපාටීන් මේ වන විට සිදුවෙමින් පවතින බව පැවසූ ඔහු ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ මෙම විද්‍යුත් යතුරුපැදි පොලිස් නිලධාරීන් වෙත ලබා දිය හැකි බවද වැඩිදුරටත් සඳහන් කළා.

"පහළ ශ්‍රේණියේ නිලධාරීන් පොලිස් පරීක්ෂක දක්වා විද්‍යුත් යතුරුපැදි දෙන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් කැමැත්තෙන් පසුවෙන්නේ මොන විද්‍යුත් යතුරුපැදියකටද කියලා විමසීම් කළා. ඒ අනුව නිලධාරීන් 65,000ක් ඉල්ලුම් කරලා තියෙනවා තමන්ට ඕන යතුරුපැදිය මොකක්ද කියලා. එතකොට මේ සඳහා වැයවෙන බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දරන්නත්, පොලිස් නිලධාරීන්ට යතුරුපැදි ලබා දීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමටත් සැලසුම් කරලා ඔක්කොම අවසන් කරලා තියෙනවා. මේ වෙනකොට ක්‍රියාපටිපාටීන් සිද්ධ වෙමින් පවතිනවා. ඉතාම කෙටි කාලයක් තුළ මේ යතුරුපැදි ඔවුන්ට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා."

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි

සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයක් - අදත් මි.මී. 100 ට වැඩි තද වැසි - 1න් පසු තත්ත්වය දරුණුයි