පාර්ලිමේන්තුව ඇරඹෙයි - 2027 අයවැය විවාදයේ පස්වැනි දිනය අද [VIDEO]
අද (27) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. 2027 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි දිනය අදට යෙදී ඇත.
ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව දින හතක් පුරා පැවති දෙවනවර කියවීමේ විවාදයෙන් පසු, පසුගිය 20 වැනිදා පැවති ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 97කින් සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් හිමිවිය. අයවැය තෙවනවර කියවීමේ විවාදය පසුගිය 21 වැනිදා ආරම්භ වූ අතර එය දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතය.
රජයේ සහ ඉරිදා නිවාඩු දින හැර සෙනසුරාදා දිනවල ද පාර්ලිමේන්තුව රැස්වෙමින් පෙරවරු 9.30 සිට අයවැය විවාදය පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව 2027 අයවැයේ අවසන් ඡන්ද විමසීම හෙවත් තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.