යාවත්කාලීන කළ අස්වැසුම නාමලේඛනයට නොවැම්බර් දීමනා අද සිට ගිණුම්වලට
By Kanchana
යාවත්කාලීන කරන ලද අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනයට ඇතුළත් ප්‍රතිලාභීන් සඳහා නොවැම්බර් මාසයට අදාළ දීමනා ගෙවීම අද (27) සිට ආරම්භ කිරීමට නියමිතය.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවෙලගෙදර මහතා සඳහන් කළේ, යාවත්කාලීන කරන ලද ප්‍රතිලාභී නාමලේඛනයට අනුව මෙම ගෙවීම් කටයුතු සිදුකරන බවයි.
ඒ අනුව, මෙවර අස්වැසුම ප්රතිලාභ හිමිවන මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,017,130කි. එනම් දස ලක්ෂ දහහත් දහස් එකසිය තිස් දෙනෙකුට මෙවර නොවැම්බර් මාසයට අදාළ ප්රතිලාභ හිමිවීමට නියමිතය. අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ සුදුසුකම් ලබන පවුල් වෙත මූල්‍ය සහාය ලබාදීමේ අරමුණින් මෙම ගෙවීම් සිදුකරනු ලබයි.
යාවත්කාලීන කළ නාමලේඛනයට ඇතුළත් ප්‍රතිලාභීන්ට තමන්ට හිමි ප්රතිලාභ ලබාගැනීම සඳහා අදාළ ගෙවීම් ක්‍රමවේදය අනුව කටයුතු කළ හැකිය.